ඛජ්ජනීය සූත්‍රය - මාගධී පද වැල් හා සිංහල තේරුම

අජන්ත සම්පත් ගුරුතුමාගේ සටහනක් ඇසුරෙන්

රූප
A
කිඤ‍්ච භික‍්ඛවෙ
මක් නිසාද? මහණෙනි,
B
රූපං
රූපය
C
වදේථ?
කියල කියන්නේ
D
රුප‍්පතීති
පැහැරෙන (කිපෙන, පෙළෙන, ගැටෙන)
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
රූපන‍්ති
රූපය
G
වුච්චති.
කියන්නේ
H
කේන
කුමකින්ද
I
රුප‍්පති:
පැහැරෙන්නේ (කිපෙන්නේ, පෙළෙන්නේ, ගැටෙන්නේ)
J
සීතේනපි රුප්‌පති, උණ්‌හේනපි රුප්‌පති, ජිඝච්‌ඡායපි රුප්‌පති, පිපාසායපි රුප්‌පති, ඩංසමකසවාතාතපසිරිංසපසම්‌ඵස්‌සේනපි රුප්‌පති.
සීතලෙනුත් පැහැරෙනවා. උෂ්ණයෙනුත් පැහැරෙනවා. බඩගින්දරෙනුත් පැහැරෙනවා. පිපාසයෙනුත් පැහැරෙනවා. මැසිමදුරු අව්සුළං සර්පයන් ආදී ස්පර්ශයෙනුත් පැහැරෙනවා.
D
රුප‍්පතීති
පැහැරෙන (කිපෙන, පෙළෙන, ගැටෙන)
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
රූපන‍්ති
රූපය
G
වුච්චති.
කියන්නේ.

වේදනා
A
කිඤ‍්ච භික‍්ඛවෙ
මක් නිසාද? මහණෙනි,
B
වේදනං
වේදනාව
C
වදේථ?
කියල කියන්නේ
D
වෙදියතීති
විඳින
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
වේදනාති
වේදනාව
G
වුච්චති.
කියන්නේ.
H
කිඤ‍්ච
කුමක්ද
I
වෙදියති
විඳින්නේ
J
සුඛම්‌පි වේදියති, දුක්‌ඛම්‌පි වේදියති, අදුක්‌ඛමසුඛම්‌පි වේදියති.
සැපත් විඳිනවා. දුකත් විඳිනවා. දුක් සැප රහිත බවත් විඳිනවා.
D
වෙදියතීති
විඳින
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
වේදනාති
වේදනාව
G
වුච්චති.
කියන්නේ.

සඤ්ඤා
A
කිඤ‍්ච භික‍්ඛවෙ
මක් නිසාද? මහණෙනි,
B
සඤ්‌ඤං
සඤ්ඤාව
C
වදේථ?
කියල කියන්නේ
D
සඤ්‌ජානාතීති
හඳුනා ගන්න
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
සඤේඤොති
සඤ්ඤාව
G
වුච්චති.
කියන්නේ.
H
කිඤ‍්ච
කුමක්ද
I
සඤ්‌ජානාති
හඳුනාගන්නේ
J
නීලම්‌පි සඤ්‌ජානාති, පීතකම්‌පි සඤ්‌ජානාති, ලෝහිතකම්‌පි සඤ්‌ජානාති, ඕදාතම්‌පි සඤ්‌ජානාති
නිල් පැහැයත් හඳුනාගන්නවා. කහ පැහැයත් හඳුනාගන්නවා. රතු පැහැයත් හඳුනාගන්නවා. සුදු පැහැයත් හඳුනාගන්නවා.
D
සඤ්‌ජානාතීති
හඳුනා ගන්න
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
සඤ්‌ඤාති
සඤ්ඤාව
G
වුච්චති.
කියන්නේ.

සංඛාර
A
කිඤ‍්ච භික‍්ඛවෙ
මක් නිසාද? මහණෙනි,
B
සඞ‍්ඛාරෙ
සංස්කාර
C
වදේථ?
කියල කියන්නේ
D
සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති
සකස් කරන
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
සඞ‍්ඛාරාති
සංස්කාර
G
වුච්චන්ති.
කියන්නේ.
H
කිඤ‍්ච
කුමක්ද
I
සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති
සකස් කරන්නේ
J
රූපං රූපත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. වෙදනං වෙදනත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඤ‍්ඤං සඤ‍්ඤත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛාරෙ සඞ‍්ඛාරත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති, විඤ‍්ඤාණං විඤ‍්ඤාණත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති.
රූපයක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. වේදනාව වේදනාවක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. සඤ්ඤාව සඤ්ඤාවක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. සංස්කාර සංස්කාර පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ. විඤ්ඤාණය විඤ්ඤාණයක් පිණිසමයි සංඛතය අභිසංස්කරණය කරන්නේ.
D
සංඛතං අභිසංඛරොන්‌තීති
සකස් කරන
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
සංඛාරාති
සංස්කාර
G
වුච්චන්ති.
කියන්නේ.

විඤ්ඤාණ
A
කිඤ‍්ච භික‍්ඛවෙ
මක් නිසාද? මහණෙනි,
B
විඤ‍්ඤාණං
විඤ්ඤාණය
C
වදේථ?
කියල කියන්නේ
D
විජානාතීති
දැනගන්න
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
විඤ‍්ඤාණන‍්ති
විඤ්ඤාණය
G
වුච්චති.
කියන්නේ.
H
කිඤ‍්ච
කුමක්ද
I
විජානාති
දැනගන්නේ
J
අම‍්බිලම‍්පි විජානාති, තිත‍්තකම‍්පි විජානාති, කටුකම‍්පි විජානාති, මධුරකම‍්පි විජානාති, ඛාරිකම‍්පි විජානාති, අඛාරිකම‍්පි විජානාති, ලොණිකම‍්පි විජානාති, අලොණිකම‍්පි විජානාති.
ඇඹුල් බවත් දැනගන්නවා. තිත්ත බවත් දැනගන්නවා. කටුක බවත් දැනගන්නවා. මිහිරි බවත් දැනගන්නවා. කර රසයත් දැනගන්නවා. කර රස නැති බවත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු රසයත් දැනගන්නවා. ලුණු නොවන රසයත් දැනගන්නවා.
D
විජානාතීති
දැනගන්න
E
ඛෝ භික්ඛවේ, තස්‌මා
බැවින් මහණෙනි
F
විඤ‍්ඤාණන‍්ති
විඤ්ඤාණය
G
වුච්චති.
කියන්නේ.
~~~~~~~~
විදර්ශනා මාර්ගය ඉපදවීම උදෙසා ඉහත මාගධි පද වැල් උපනිස්සය වේ.
B හා D තීරු වල ඇති කාරණා ලෞකිකව දෙකක් වුවද ලෝකෝත්තර වශයෙන් එකකි. (උදාහරණ: පැහැරෙන බවම (ක්‍රියාවම) රූපයයි/අනිච්චයි)